“ප්රජාතන්ත්රවාදය පිළිබදව නව පරිකල්පනයක් උදෙසා පුරවැසි සහභාගීත්ව වේදිකාව“ 2022 වසරේ ජනතා අරගලය විසින් ඉල්ලා සිටි ක්‍රම වෙනස උදෙසා ජනතාවට ඇත්තේ කවර සිතීමක්ද? කවර පරිකල්පනයක්ද? යන්න හදුනා ගැනීමට සහ ඔවුන් ඒ සදහා ගොනු කර ගැනීම පිණිස නාට්‍ය කලාව මූලික කොටගත් නිර්මාණාත්මක සහ පර්යේෂණාත්මක වැඩසටහන් මාලාවක් (වැඩසටහන් 08ක්) 2026 ජුනි මස සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මලෙයිගම ජනතාව මූලික කොටගෙන පැවත්විණ. බගවන්තලාව, රාගල, කොටගල, රත්නපුර, දැරණියගල, හැටන් සහ දෙනියාය යන ප්‍රෙද්ශවල පැවති මෙම වැඩසටහන් මාලාව මලෙයිගම ජනතාවගේ අයිතිවාසිකම්, නිදහස සහ සමානාත්මතාවය යන ප්‍රධාන තේමාවන් සමඟින් ඔවුන්ගේ දෛනික ගැටළු සහ අරගල සම්බන්ධ කරමින් පවත්වන ලද අතර මේ සදහා පාසැල් සහ උසස් අධ්‍යාපනයේ නිරත ශිෂ්‍යාවන්/ශිෂ්‍යයන්, පාසැල් ගුරුවරියන්/ගුරුවරුන්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්, තේ කර්මාන්තය ආශ්රිත කම්කරු කාන්තාවන්/කම්කරුවන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් සහභාගී විය.පහත දැක්වෙන්නේ “ප්රජාතන්ත්රවාදය පිළිබදව නව පරිකල්පනයක් උදෙසා පුරවැසි සහභාගීත්ව වේදිකාව“ නමැති වැඩසටහන් මාලාවේ ඡායාරූපමය සටහන්ය. Post navigation ”ජූලිය යළි කළු නොවන්නට…!!!” – ඡායාරූප ‘‘පුරවැසි නිදහස සීමා කරන PTA / PSTA එපා…!“ – ඡායාරූප