''තෙවසරකට පසු අරගලය, බලය, ජනතාව කොයිබටද?'' යන තේමාවෙන් යුත් සාකච්චාමය වැඩසටහනක් 2025 ජූලි 14 දින ජාතික චිත්‍රපට සංස්ථාවේ, ජෝ අබේවික්‍රම ශාලාවේදී පැවැත්විණ. එහිදී, ආචාර්ය කෞශල්‍ය කුමාරසිංහ විසින් සම්පාදිත ‘අරගලය : අඛණ්ඩ ගමනක‘ නමැති පර්යේෂණ පත්‍රිකාව ජනගත කිරීම සිදුකරන ලදී. එමෙන්ම, ‘අරගලයේ අපේක්ෂාවන් හි අනාගත දිශානතිය‘ නමින් අරගලයේ ගීතය ජනගත කරන ලද අතර ''තෙවසරකට පසු අරගලය, බලය, ජනතාව කොයිබටද?' නමින් නිර්මාණය කරන ලද වාර්තාමය වීඩියේ පටයක් ද ප්‍රදර්ශනය කරන ලදී.මෙම වැඩසටහනෙහි මූලික තේමාව පාදක කොටගන සාකච්ඡා සභාව පසුව ආරම්භ කරන ලද අතර ඒ සදහා මූලික අදහස් දැක්වීම සිදු කරන ලද්දේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසිනි. පහත දැක්වෙන්නේ මහජන පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරන ලද එම වැඩසටහනෙහි රූපමය සටහන්ය. Post navigation අනාගත ශ්‍රී ලංකාව සදහා වූ ‘ජනතා න්‍යාය පත්‍රය’ ජනගත කිරීම – 2024 ”ජූලිය යළි කළු නොවන්නට…!!!” – ඡායාරූප