හැදින්වීම :

ප්‍රජා සහභාගීත්ව ආර්ථික ක්‍රියාවලියක අවශ්‍යතාවය මින් අපේක්ෂා කෙරේ. ඒ තුළ කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබාදෙන සහ ප්‍රාදේශීය අවශ්‍යතා සදහා ප්‍රමුඛතාවය ලබාදෙන සාමූහික මහජන මැදිහත්වීම මූලික පදනම බවට පත්කළ යුතුව ඇත. ඒ තුළ සමුපකාර මූලධර්ම මත පදනම් වන විමධ්‍යගත ආර්ථික ක්‍රමයක් බලාත්මක කිරීම අපේක්ෂා කරන අතර එහිදී ජනතාවගේ ආර්ථික ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරිම, ඒ සදහා අවශ්‍ය දැනුම ගොඩ නැගීම, නිෂ්පාදනයේ විවිධාංගීකරණය සහ ඒ සදහා අවශ්‍ය යටිතල පහසුකම් සහ තාක්ෂණය ලබා දිම මෙන්ම සමාජ ආරක්ෂණය ද අපේක්ෂා කරනු ලබයි. මෙහිදී, සුළු පරිමාණ නිෂ්පාදකයා කම්කරුවන් ලෙස නොව නිෂ්පාදන බලවේගවල හිමිකාරිත්වය සහිත නිෂ්පාදකයින් ලෙස ශක්තිමත් කිරිම මෙන්ම අපනයන මත පදනම් වූ ඒකබෝග වගාවන්ට ප්‍රමුඛතාවය දීමට වඩා ආහාර ස්වෛරීභාවය හා දේශීය අවශ්‍යතාවයන්ට ගැලපෙන නිෂ්පාදනය සදහා ප්‍රමුඛතාවය ලබා දීම සිදුකළ යුතුව ඇත. එමෙන්ම, යුද්ධය සහ ජාතිවාදි ප්‍රතිපත්ති හේතුවෙන් මෙන්ම ඓතිහාසිකව පීඩාවට පත් වූ වතුකරයේ ජනතාවට අහිමි කරන ලද ඉඩම් ඇතුළු අනෙකුත් ආර්ථික සම්පත්වල අයිතිය ඔවුනට ලබා දීම තුළින් ආර්ථික නිෂ්පාදනකයින් ලෙස ඔවුන් බලසතු කිරිම සිදුකළ යුතු අතර ඉහත සදහන් ආර්ථික නිෂ්පාදකයාගේ ආර්ථික, සංස්කෘතික හා සමාජීය අයිතිවාසිකම් එනම්, ආහාර, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, කම්කරු අයිතිවාසිකම් සියලු දෙනාටම සමානව භුක්ති විදිමේ අයිතිය ආරක්ෂා කිරිම රජයේ වගකීමක් විය යුතුය. එමෙන්ම, භාණඩ හා සේවාවන්හි එළදායිතාවය මෙන්ම ජාතික හා ප්‍රාෙද්ශීය සංවර්ධන සැළසුම් ක්‍රියාත්මක කිරිමේදී ද ආර්ථික නිර්ණායකයන්ගෙන් ඔබ්බට ගොස් පාරිසරික නිර්ණානයකයන්ට ද ප්‍රමුඛතාවය ලබා දීම සිදුකළ යුතුවේ.

එමෙන්ම ජාතික හා ජාත්‍යන්තර ණය ගිවිසුම්, වෙළද ගිවිසුම්, ආර්ථික ගිවිසුම්, සංවර්ධන සැළසුම්, රාජ්‍ය වියදම් පිළිබද සියලු තොරතුරු ජනතාවට ලබා ගත හැකි ප්‍රෙව්ශ ගොඩනැගිය යුතු අතර ඉහත සියලු සැලසුම් ජනතාවගේ අනුමැතියෙන් පත් වූ පාර්ලිමේන්තුව, පළාත් හා අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන්ගේ අනුමැතියට යටත් කිරීමෙන් ප්‍රජා සහභාගීත්ව ආර්ථික ක්‍රියාවලිය වඩ වඩාත් පුළුල් වීම ද සිදුවේ.

මහජන අදහස් / යෝජනා :

වතු කම්කරුවන් මේ රටට ගෙනල්ල අවුරුදු 200 සමරනවා. නමුත් තාම අපි ඉන්නෙ අඩි 10-10 කාමරයක. වැස්සට හරිහමන් වහලක් නෑ. හරිහමන් පාසැලක් නෑ. සොච්චම් මුදලකට අපේ රුධිරය කූඩැල්ලන්ට දීල, වැස්සට තෙමිල–අව්වට වේලිල තමයි අපි ජීවත් වෙන්නේ. මේ සමාජය වෙනස් වෙන්න ඕන. සම අයිතියක් තියෙන්න ඕන. අපිටත් බිම් අඟලක හෝ අයිතියක් තියෙන්න ඕන කියලයි මම කියන්නේ.

 

– වතු කම්කරු කාන්තාවක්

අතීතයේ ගොවියට හොඳ සුඛිත මුදිත කාළයක් තිබුණ තියන එක මිත්‍යාවක්. ගොවියව හැමදාම සූරාකෑව. ගොවියා කුඹුරෙ අස්වැන්න ගත්තට පස්සෙ බ්‍රෝකර් කෙනෙක් හරි, මහා පරිමාන ව්‍යාපාරිකයෙක් හරි ඒකට මිළ නියම කරනවා. අපිට වෙළදපොල එක්ක සම්බන්ධයක් නෑ. විශාල යන්ත්‍රෝපකරණ–පොහොර අවශ්‍ය වන, අපිට නොගැලපෙන කෘෂිකර්මාන්තයකට අපිව පොළඹවල තියෙනවා. ඒ කිසිවක් ගොවියට දරාගන්න බෑ. පොළොන්නරු දිස්ත්‍රික්කය තමයි ලංකාවෙ දෙවනියට වැඩියෙන්ම වී නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කය. වැඩියෙන්ම හාල් මෝල් තියෙන දිස්ත්‍රික්කයත් ඒක. ඒ දිස්ත්‍රික්කය තමයි ලංකාවෙ වැඩියෙන්ම මන්දපෝෂණය තියෙන දිස්ත්‍රික්කය. වැඩියෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගන්න බැරිව සියදිවි නසාගත්ත දිස්ත්‍රික්කය. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා අපිට ලැබුණ අස්වැන්න ඇත්තටම කවුද භුක්ති විඳල තියෙන්නෙ කියල. කවුද ඇත්තටම ලාභය අරගෙන තියෙන්නෙ කියල.

 

– හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ගොවි නයකයෙක්

2012 අවුරුද්දෙ ආණ්ඩුව ලොකු සද්දයක් දාල මුල්ගල තියල පහල යාන් ඔය ව්‍යාපෘතිය පටන් ගත්ත. ඒකට වතුර පුරවල දැන් අවුරුදු 12 ක්. ඒත් ව්‍යාපෘතිය නිසා පීඩාවට පත්වෙච්ච ප්‍රදේශයේ ජනතාවගෙ ජීවිත තියෙන තැන බැලුවොත් ඒක ඛේදවාචකයක්. තාම ඒ අයට වගා කරන්න ඉඩම් නෑ. වන්දි දීල නෑ. නැවත පදිංචි කිරීම් කරපු අයට පවා පහසුකම් නෑ. 1973 හදපු වාහල්කඩ ජලාශයට 2008 දි රක්‍ෂිත සීමා මායිම් වෙන් කරනවා. ඒ සීමා මායිම් වලටවත් අයත් නොවුනු අපේ සීයල එදා ඉඳල වගා කරපු ඉඩම් අද ප්‍රාදේශීය ලේකම් රක්‍ෂිත විදිහට නම් කරනවා. මේ මොන සංවර්ධන වයාපෘතියකින්වත් අපිට හොඳක් වෙලා නෑ–නරකක් මිසක්.

 

– යාන් ඔය ව්‍යාපෘතියෙන් අවතැන්වූවෙක්

මහා පරිමාණ සමාගම්වලට ඉඩම් අත්පත් කරගැනීම නිසා අපේ ප්‍රදේශවල කෘෂිකර්මාන්තය බිඳ වැටිල තියෙනව. සමාගම්වලට නම් එක රැයින් ගැසට් ගහල 99 අවුරුදු බද්දට ඉඩම් දෙනව. නමුත් ගොවීන්ට ඉඩම් දෙන්න විශාල කාලයක් යනව. මෙහෙම සමාගවම්ලට ඉඩම් දුන්නම ගොවීන්ට දෙන්න ඉඩම් ඉතුරු වෙන්නෙත් නෑ. දැන් අපිට ඉඩම්වලට–ජලයට ප්‍රවේශවීමේ අයිතිය පවා නැතිවෙලා තියෙනව. අපේ වගා ක්‍රම මේ මහපොළවෙ සාර්ථකයි. අපි ධාන්‍ය–පළතුරැ–එළවලු හැමදේම වගා කරනව. නමුත් සමාගම් කරන අපේ ජීවිතවලට කිසිම වැදගැම්මකට නැති භෝගයක් නිසා අපේ ඉඩම්–වතුර හැම සම්පතක්ම නැති කරල තියෙනව. ඉතිං අපි ජීවත්වෙන්නෙ කොහොමද?

 

– මොනරාගල ප්‍රදේශයේ පුරවැසියෙක්

දැනට අපේ ප්‍රෙද්ශයේ ජනතාව විසින් එක්ව සිදුකරන විවිධ ප්‍රජා මූල්‍ය ණය සංවිධාන තියෙනවාග කාන්තා සමිති තුල ණය සමිති තියෙනවාග ‘වියදම් පාලනය සහ අරපරෙස්සම් ජීවිතය’ ප්‍රවර්ධනය කරන සමිති ද තියෙනවාග ඒ වගේම ‘සෝආ’ නැමැති කාන්තා ව්‍යවසාය සමිතියක්ද තිවෙනවාග (10 දෙනා බැගින් වූ කණ්ඩායම් 4 කින් ආරම්භ වූ මෙම ප්‍රජා මූල්‍ය ණය සමිතිය මේ වන විට 20 දෙනා බැගින් වූ කණ්ඩායම් 15 ක් දක්වා වර්ධනය වී ඇත). මෙම සමිති සුභසාධන කාර්යයන්හිද නිරත වන අතර සමිති සාමාජිකාවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ද මුදල් ලබා දෙයි. විශේෂත්වය වන්නේ මෙම කිසිදු ණයක් සඳහා පොලියක් අය නොකිරීමයි. ප්‍රජාව සංවිධානය වී සිය මූල්‍ය අවශ්‍යතා ඉටුකර ගැනීමට කටයුතු කරන්නේ නම් වඩා හොඳ සමාජ තත්ත්වයක් කරා සෙමෙන් සෙමෙන් ගමන් කිරීමේ හැකියාව කාන්තාවට ඇත.

 

– මන්නාරම ප්‍රදේශයේ සමජ ක්‍රියාකාරිණියක්

දේශීය බීජ නිෂ්පාදනය සඳහා පුහුණුව, ගබඩා පහසුකම්, ඉපැරණි ග්‍රාමීය කෘෂි ආර්ථිකයේ බීජ නිෂ්පාදන රටාව අධ්‍යනය කිරීම වගේම ඒ සදහා මූල්‍යමය දායකත්වයත් අපිට අවශ්‍යයිග ගෙවි සංවිධාන, ප්‍රජා සංවිධාන හරහා දේශීය බිජ නිෂ්පාදනය ආරම්භ කිරීම, දේශීය බීජ නිෂ්පාදන ගම්මාන ඇති කිරීම, ගෙවතු ආශ්‍රිතව දේශීය බීජ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම වගේම ඒ හරහා බීජ විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීමත් කළ යුතුයි.

 

– බදුල්ල ප්‍රදේශයේ ගොවි කාන්තාවක්

තේ අපනයනය තුළින් විශාල මුදලක් ලැබෙනවා. නමුත් ඒවාගෙන් ලැබෙන ප්‍රතිලාභ මිනිසුන්ට එන්නේ නෑ. ඒ ප්‍රතිලාභ මිනිස්සුන්ට ලැබෙන සමූපාකාර ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. උදාහරණයක් විදිහට වතු අධිකාරීවරයෙක් ලක්ෂ පහකට වඩා පඩියක් ගන්නවා. ඒත් අපට දිනකට ගෙවන්නේ ඉතාම සුළු මුදලක්. දෙනියායේ වත්තක අපි සමූපාකාර ක්‍රමය අත්හදා බැලුවා. ඒක ඉතාම සාර්ථකයි. ඒ ක්‍රමය අපට මේ වතුකරය තුළත් අනුගමනය කරන්න පුළුවන් කියලා මම හිතනවා. වැටුපට අමතරව අපට කෑම බීම, EPF-ETF වගේ දේවලුත් ලැබුනා.

 

– හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවෙක් / සමාජ ක්‍රියාකාරිකයෙක්

මුලින්ම ගම තුළ අමුද්‍රව්‍ය නිර්මාණය කරගැනීම ක්‍රියාවලියක් ගොඩනගා ගන්න ඕනේ. ඒ වගේම අතරමැදියන් නොමැතිව භාණ්ඩ පාරිභෝගිකයන් වෙත ගෙනයාමට අවකාශ සකසා ගන්නත් ඕනේ. ඒ සදහා නගරය තුළ වෙළෙඳ පොලක් හෝ ඊට වෙන්වූ ස්ථානයක් වෙන් කර ගැනීම වැදගත්. තොග ගැනුම්කරුවන් නිශ්පාදන අවකාශය වෙතටම ගෙන්වා ගනු පිණිස පොදු වෙළෙඳ අවකාශයක් ගම තුල නිර්මාණය කරගැනීම ඒ වගේම වැදගත්. මේ සදහා ආණ්ඩුව විසින් ජලයට, විදුලියට වගේම ප්‍රවාහනයටත් යම් සහනයක්ල දායකත්වයක් ලබා දෙන්න ඕනේ.

 

– මොණරාගල ප්‍රදේශයේ ගොවි කාන්තාවක්

භූගෝලීය පිහිටුම,  ජනාවාස පිහිටුම අනුව කලාපීය ආර්ථික හැසිරවීමේ බලය විමධ්‍යගත කිරීම කළ යුතුයි. එතකොට තමයි ඒ ඒ ප්‍රෙද්ශවලට අනන්‍ය වූ නිෂ්පාදනයක් බිහිවෙන්නෙත්,  නිෂ්පාදනයේ විවිධත්වයක් බිහිවෙන්නෙත්.

 

– මීගමුව ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයෙක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *