2022 වසරේ පැවති මහජන අරගලයෙන් වසරකට පසු එම අරගලයේ මතකයන් සහ අපේක්ෂාවන් පිළිබද මහජන කතිකාවක් 2023 ජූල 15 දින පැවැත්විණ. එහිදී, අරගලයේ මතකයන් සිහිගන්වමින් “ප්‍රතිරෝධය” නමින් චිත්‍ර සහ ඡායාරූප ප්‍රදර්ශනයක් මෙන්ම ‘‘ඕඝ“ නමින් සංගීතමය හා ප්‍රාසාංගික කලා භාවිතාවක් ද ප්‍රදර්ශනය කරන ලදී.එමෙන්ම ‘‘ජාතික ප්‍රශ්නය සහ ශ්‍රී ලංකාවේ ජන අරගල‘‘, ‘‘ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා අභිලාෂයන්‘‘ සහ ‘‘ජනතා ආර්ථිකයක් උදෙසා ජන අභිලාෂයන්‘‘ නමින් සාකච්ඡාමය සැසි කිහිපයක් ද පවත්වන ලදී. එමෙන්ම මහජන පාර්ලිමේන්තුවේ ‘‘ජනතා න්‍යායපත්‍රය‘‘ එළිදැක්වීම ද මෙහිදී සිදු කරන ලදී.එම ‘‘ජනතා න්‍යාය පත්‍රය‘‘ පහත සබැදි ඔස්සේ භාගත කරන්න.සිංහලදෙමළඉංග්රීසිපහත දැක්වෙන්නේ මහජන පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරන ලද ‘‘අරගලයෙන් දුටු ශ්‍රි ලංකාව සදහා ජනතා න්‍යායපත්‍රයක්‘‘ නමැති එම වැඩසටහනෙහි ඡායාරූප සටහන්ය. Post navigation අරගලය, බලය සහ ජනතාව – පශ්චාත් දේශපාලන අරගල සන්දර්භය පිළිබද සාකච්ඡා සභාව අනාගත ශ්‍රී ලංකාව සදහා වූ ‘ජනතා න්‍යාය පත්‍රය’ ජනගත කිරීම – 2024