හැදින්වීම භාෂාව, ආගම මෙන්ම සංස්කෘතිය ඇතුළු සියලු වෙනස්කොට සැලකීම් අහෝසි වූ ඒ තුළ ඓතිහාසිකව විකාශනය වූ අනන්‍යතාවයන් රැදිව පවතින එමෙන්ම ජාතික සම්පත්, පාරසරික සම්පත් පිළිබදව ප්රාෙද්ශීයව තීරණය ගැනීම මෙන්ම ඒවායේ ප්රතිලාභ සමානව හිමිවන ‘බලය බෙදීමේ යාන්ත්‍රණයක්‘ මින් අදහස් කෙරේ. මෙහිදී, සියලු වෙනස්කොට සැලකීම් පිටුදැකීම භාෂාව තුළ, සංස්කෘතිය තුළ මෙන්ම අධ්‍යාපනය තුළ ක්‍රියාත්මක කළ යුතුව ඇති අතර ජනවාර්ගික ගැටළුවේ විකාශනය පිළිබදව වූ මිත්‍යාවන් සහ සත්‍ය තොරතුරු පිළිබද ජනතාව දැනුවත් කිරිමේ මාධ්‍ය භාවිතාවක අවශ්‍යතාවයක් ද මින් අපේක්ෂා කරනු ලැබේ. එසේම, යුද ගැටුම් පැවැති ප්‍රදේශයන්හි ජනයාගේ ජන ජීවිතයට සිදුකරන මිලිටරිමය මැදිහත්වීම් නවත්වාලන, හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් නැවත ජනතාවට ලබා දීම හා ඉදිරි හමුදාමය අත්පත් කර ගැනීම් නවත්වාලන, යුද්ධය පැවැති ප්‍රදේශයන්හි මිලිටරිමය හා රාජ්‍ය මැදිහත්වීම සහිතව සිදුකරන වර්ගවාදී සහ බලහත්කාරී ආගමික හා සංස්කෘතික ඉදිකිරීම් නවත්වාලන, සියලු වාර්ගිකත්වයන්ගෙන් සපිරි බහුත්වවාදී සමාජ ක්රියාකාරීත්වයක් මින් අදහස් කෙරේ. ඒ සදහා යුුද්ධයෙන් අතුරුදහන්වූවන් හා යුද්ධය පැවැති ප්‍රදේශවලින් හමුවන සමූහ මිනීවලවල් පිළිබඳ විමර්ෂණ අපක්ෂපාතී, විශ්වාසනීය හා වෘත්තීමය අයුරින් සිදුකර නඩු පවරා වින්දිත පවුල්වලට යුක්තිය ඉටු කිරීම සහ ජාතීන් අතර ගැටුම් අවම වන අයුරින් සියලු ජාතීන්ට එක හා සමානව සියලු ආගම් ඇදහීමේ අයිතිය මෙන්ම එම නිදහස ව්‍යවස්ථාව තුළින් තහවුරු කිරිම ඉක්මන් සහ අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ග ලෙස සදහන් කළ හැකිය. මහජන අදහස් / යෝජනා සම්පත් බෙදී යාමේ විෂමතාවයක් පවතිනවා රට තුළ, ඒ විෂමතාවය අඩු කර සම්පත් සම සේ බෙදා දිය යුතුයි. මොකද රටේ වෙනත් ප්‍රදේශවල මිනිසුන්ට ඉඩම් අක්කර 5,10 වගේ පවතිද්දි වතුකරයේ ඉන්න මිනිසුන්ට ඉන්න හිටින්න ඉඩමක් වත් නැහැ. ඇයි අපට විතරක් එහෙම නොදෙන්නේ? ඒ නිසා ලියුමක් ලැබෙන්න අපිට කියල ලිපිනයක්වත් නැහැ. – හැටන් හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවෙක් උතුරේ ජනතාව පිළිබඳ මෙන්ම ඔවුන්ගේ ජන ජීවිතය පිළිබදව ද නිසි අවබෝධයක් දකුණේ ජනයාට ලගා කරදිය යුතුයි. (විශේෂයෙන් සිංහල භාෂාව කතා කරන පහළ පංතික ජනතාව ජාතිවාදයේ ගොදුරු වී ඇති හෙයින්) එහෙම නැතිවුනොත් තව පරම්පරා ගණනාවක් මේ ගැටලුවට මැදි වෙවී තමයි අපිට වගේම අපේ දරු මුණුපුරු-මිණිපිරියන්ටත් ජීවත් වෙන්න වෙන්නේ. – මීගමුව ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයෙක් අපේ කෝවිලට ගිහින් වදින්න අවස්ථාවක් අපිට නැහැ. ඒක අපිට තහනම් කරලා. සිංහල අය එතැන පන්සලක් හදලා. අපේ කෝවිල හදාගන්න අපිටත් ඉඩක් දෙන්න. අපිටත් වදින්න ඕනේ. කෝවිලක් නැති ගමක ජීවත් වෙන්න එපා කියලා සින්දුවකුත් තියෙනවා. එහෙම නම් ඇයි අපේ කෝවිල හංගන්න හදන්නේ? දෙවියෝ ඉන්නේ සිංහල අයට විතරද? අපිට නැද්ද? – මුලතිව් ප්‍රදේශයේ කාන්තාවක් අපේ දරුවන්ගේ සොහොන් කොත් ඩෝසර් කරලා දැම්මා. ඒ වෙනකොටත් අපි ඒ සොහොන් කොත් වලට වැන්ඳා, මල්, පහන් පූජා කලා. අපිට අවසානයේ සැනසීමකට කියල ඉතුරු වෙලා තිබුණේ එච්චරයි. ඩෝසර් වුණේ අපි වන්දනා කරපු අපේ දරුවන්ගේ සොහොන්, අන්තිමට අපි හැමෝම කැඩුනු සෝහොන්වල ගඩොල-ගඩොල එකතු කරලා අරගෙන ආවා, ඒවා එකතු කරලා අපේ ගෙදරවල්වල බිත්තිවලට තියල බැන්දා. දැන් අපිට අපේ දරුවො සිහිකරලා අපේ ගෙදර බිත්ති වලට වදින්න පුළුවන්. ඒ බිත්ති ආදරෙන් අත ගාන්න පුළුවන්, ඒ බිත්ති වලට කතා කරන්න පුළුවන්. පුතාලගෙ සොහොන් කොත් ඩෝසර් කලේ ඒ මතක අපෙන් ඈත් කරල දාන්න වුණත්, ඒකෙන් වුණේ අපි තවත් ලං වෙන එක. දැන් අපි අපේ ගෙදර බිත්ති වලට වඳිනවා. – උතුරේ යුද්ධයෙන් දරුවන් අහිමිවූ මවක් මම ඉපදුන දවසෙ ඉඳල උතුරෙ යුද්ධයක් තිබුණ. එත් ඒක මට ගොඩක් දුරයි. 2009 න් පස්සෙ මම හිතුවෙ යුද්ධය ඉවරයි කියල. යුද්ධය ඉවර වුනාට පස්සෙවත් අපි සමාජයක් හැටියට ඉස්සරහට යයි කියල මම හිතුවෙ. 2022 ජූලි 22 හමුදාව ගෝල්ෆේස් වට කරපු වෙලාවෙ අපි බදු ගෙවල නඩත්තු කරන, අපිව ආරක්ෂා කළ යුතුයි කියල හිතුන අයගෙන්ම අපිට ආරක්ෂා වෙන්න සිද්ධ වුනා. එතකොට තමයි මට උතුර ගැන ආයෙත් දැනුනෙ. යුද්ධය කියන ප්‍රශ්ණය ඉවර නෑ කියල මට දැනුන. උතුරෙ අය ලබපු අත්දැකීම් පිලිබඳ අපට සහකම්පනයක් තිබුණෙ නෑ. සහකම්පනයෙන් යුතු සමාජයක් වෙනුවෙන් පෙරට යමු කියලයි දැන් මම හිතන්නෙ. – ගෝල්ෆේස් ‘ගෝඨාගෝගම’ සමාජ ක්‍රියාකාරිනියක් ජනමාධ්‍ය නම් ජාතිවාදය ඉතාම කැත විදියට වපුරනවා. උදාහරණයක් විදියට වඳ කොත්තු, වඳ බ්‍රා වගේ අදහස් සමාජගත කළේ ජනමාධ්‍ය විසිනුයි. ඒ වගේම වෛද්‍ය සාෆි වාර්ගික ලෙස වද සැත්කම් කරනවා කියලා සමාජගත කළේත් ජනමාධ්‍ය විසින්ම තමයි. වැඩේ කියන්නේ පැවති සහ පවතින ආණ්ඩුත් ඒවාට උඩගෙඩි දෙන එක තමයි හැමදාමත් කළේ. මාධ්‍ය ආචාරධර්ම අනුගමනය පිළිබඳ අවබෝධය මාධ්‍යෙව්දීන්ව, රාජ්‍ය නිලධාරීන්ව වගේම ජනතාවත් දැනුවත් කරන්න සිදු කරන්න ඕනේ. ඒ වගේම ද්විභාෂාවෙන් කටයුතු කල හැකි නිලධාරීන්ව ප්රාෙද්ශීයව සහ පළාත් ලෙසත් මහජන සේවා සඳහා යෙදවීම සිදුකළ යුතුයි. – මීගමුව ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයෙක් රටේ පාසල් සඳහා වෙන්කරන සම්පත් සමානව වෙන් කළ යුතුයි. උදාහරණයක් විදිහට ගත්තොත් වතුකරයේ පාසල් 547ක් තියෙනවා ඒ සඳහා වෙන්කරන මුදල සමානයි රටේ පවතින ප්‍රධාන පාසල් දෙකක් වන කොළඹ ආනන්ද, නාලන්ද විද්‍යාල දෙකට වෙන් කරන මුදල් ප්‍රමාණයට. එය ඉතා අසාධාරණයි. – හැටන් ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිණියක් Post navigation ජූලිය යළි කළු නොවන්නට…!!! ”නොවැම්බරයේ පිබිදෙමු…!’ – පවුරෙන් ඔබ්බට