1983 වසරේදී සිදු වූ ‘අදුරු කළු ජූලියට වසර 42ක් ගතවීම නිමිත්තෙන් මෙන්ම එම අදුරු වේදනාවන් යළි නොවීම පිණිස එම අදුරු මතකයන් යළි සිහිගන්වමින් ‘‘ජූලිය යළි කළු නොවන්නට..!!!‘‘ නමැති තේමාව පාදක කොටගනෙ ‘කලාත්මක ඉදිරිපත් කිරීමක්‘ සහ ‘අත් පත්‍රිකා මගින් ජනතාව දැනුවත් කිරීමක්‘ 2025 ජූලි 25 දින බොරැල්ල, බස් නැවතුම්පොළ අසළදී සිදු කරන ලදී. ‘‘ජූලිය යළි කළු නොවන්නට...!!!‘‘1983 ජූලි 23 සිට දින ගණනාවක් පුරා කොළඹ ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල සිදු වූ පහරදීම්, ගිණි තැබීම් හා දේපළ විනාශ කිරිම් තුළ සාමාන්‍ය දෙමළ වැසියන් 3000 කට ආසන්න සංඛ්‍යාවක් මරා දැමුණු අතර 23,000 කට ආසන්න ප්‍රමාණයක් දේපළ විනාශ කෙරුනි. දකුණේ ප්‍රදේශවල ජීවත් වූ ලක්ෂ ගණනක් දමිළ ජනතාවට තමන්ගේ උන්හිටි තැන්, ව්‍යාපාර අහිමි කළ අතර බොහෝ දෙනෙක් රට අතහැර ගියහ.එබැවින්, 1983 කළු ජූලිය යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ ගැඹුරු තුවාල ඇති කළ ඉලක්කගත දෙමළ විරෝධී සංහාරයකි. වසර 42 කට පසුවත් අපි එකී තුවාල සමග ගමන් කරන ජාතියක් වෙමු.ප්‍රසිද්ධියේ එය සිහිපත් කිරීම මගින් අප සත්‍යය පිළිගැනීමට ඉඩ හසර විවර කළෙමු. යුක්තිය සෙවීම අත්නොරිමු. “නැවත කිසිදා නොවන්න” වැඩ කරමු.මතක තබා ගැනීම ප්‍රචණ්ඩත්වයවැළැක්වීමට උපකාරී වේ. සෑම වසරකම, අපි ඊළඟ පරම්පරාවට වෛරයෙන් තොරවඑය සිහිපත් කරමු. එදවස ගිනි බත් වූ – මගේසියල්ල සමඟඋණුසුම්ව තබා ගත්ඒ ලිපිත්නුඹෙන් ලැබුන අඟුරු ගොඩකදුමට මැදි ව – මම අවසන,මාපරිස්සමට තබා ගත්උපන්දිනයට නුඹෙන් ලදකමීසය පවා නැතිව නුඹත් මමත්යන්ත්ර සේ දුව ගියඒ බම්බලපිටිය වීදියේ මයට කලිසමින් පමණක්මා දිවූඑදවසආදවන් ලියු ‘ආදරේ’ කවියෙන් කොටසක්.-83- ගින්නෙන් පුළුස්සා දැමූ ඉතිහාසයක සාක්ෂිය. ඉහත සදහන් ‘කළු ජූලිය යළි කළු නොවන්නට‘‘ නමැති පොදුජන සිදුවීමෙහි ඡායාරූපමය සටහන් පහත සබැදිය ඔස්සේ නරඹන්න.”ජූලිය යළි කළු නොවන්නට…!!!” – ඡායාරූප Post navigation ‘ජනවාර්ගික සාමය හා යුක්තිය තහවුරු කරන බහුත්වවාදි සමාජයක්’ – (මහජන අදහස් / යෝජනා)