”තෙවසරකට පසු අරගලය, බලය, ජනතාව කොයිබටද?” යන තේමාවෙන් යුත් සාකච්චාමය වැඩසටහනක් 2025 ජූලි 14 දින ජාතික චිත්‍රපට සංස්ථාවේ, ජෝ අබේවික්‍රම ශාලාවේදී පැවැත්විණ. එහිදී, ආචාර්ය කෞශල්‍ය කුමාරසිංහ විසින් සම්පාදිත ‘අරගලය : අඛණ්ඩ ගමනක‘ නමැති පර්යේෂණ පත්‍රිකාව ජනගත කිරීම සිදුකරන ලදී. එමෙන්ම, ‘අරගලයේ අපේක්ෂාවන් හි අනාගත දිශානතිය‘ නමින් අරගලයේ ගීතය ජනගත කරන ලද අතර ”තෙවසරකට පසු අරගලය, බලය, ජනතාව කොයිබටද?’ නමින් නිර්මාණය කරන ලද වාර්තාමය වීඩියේ පටයක් ද ප්‍රදර්ශනය කරන ලදී.

පහත දැක්වෙන්නේ ”තෙවසරකට පසු අරගලය, බලය, ජනතාව කොයිබටද?” නමැති වැඩසටහනෙහි සාකච්ඡාමය සැසිවාරය සදහා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් ඉදිරිපත් කළ අදහස් දැක්වීමේ සාරාංශයකි.

‘පරිකල්පනය තමයි අපේ අනාගතය ගොඩනගන්නේ හොඳ හෝ නරකට. ඉතින්, පරිකල්පනය මාරු කරන්න. එවිට රට මාරු වෙයි.’

නැවත නැවත 2022 ගෝල්ෆේස් අරගලය දෙස බැලීමෙන් අපි අදහස් කරන්නේ අප්‍රේල් මස 9 වන දින සිට ජුනි 9 වන දින දක්වා ගෝල්ෆේස් භූමිය කේන්ද්‍ර කර ගනිමින් රට පුරාම මහජනතාවගේ ඇතිවූ සාමකාමී නැගී සිටීම ලෙස දැක්විය හැකිය. මෙහි කේන්ද්‍රය පැවතියේ ගෝල්ෆ්ස් භූමියේ වුවත් මුලු රට පුරාම ස්ථාන ගණනාවක සිදුවූ විශාල වර්ගයේ ඓතිහාසික මොහොතක් වන අතර එය ජන විඥානයේ වෙනසක් ඇති කළ අවස්ථාවකි. එයට අයිති සීමාවන් සහ ශක්තීන් පවතී.

ඉතින් මෙම සාකච්ඡා සභාව තුළ මතු වූ කරුණු ද සැලකිල්ලට භාජනය කරමින් අරගලයේ සීමා සහ ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් යම් අදහසක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර මම මෙහිදී මතු කරන එක් සංකල්පයක් වන්නේ සාමූහික පරිකල්පනයයි (Collective imagination) යන්නයි. සමාජයක සාමූහික පරිකල්පනය දෛනිකව කුමන මට්ටමේ ද පවතින්නේ? එනම් එකිනෙකා වෙන වෙනම ජීවිතය පරිකල්පනය කරන අතර මෙය සරලවම ප්‍රකාශ කරන්නේ නම් දවල් හීන දකිනවා කියන්නේ ඒකටයි. ඒ අනුව සමාජයක් තුළ ලක්ෂ කෝටි ගණනක් මිනිසුන් පරිකල්පනය කරනවා දෛනික ජීවිතය. ඒ අනුව සමාජයක් තුළ සිදුවන පරිකල්පනය මෙහිදී අදහස් වේ.

දෙවන කාරණය Donella Meadows යන විද්වතිය Limit to growth එනම්, වර්ධනයේ සිමා වීම් යන අදහස ඉදිරිපත් කළා. ඇය ඇතුලු කණ්ඩායම වසර 30න් 30 ට ලෝකය දෙස බලා මේ මනුෂ්‍ය වර්ගයා යන පාර පිළිබදව විශාල අවලෝකනයක් දීර්ඝ ඉතා සියුම් සංකිර්ණ පර්යේෂණ සිදු කරන ලදී. ඒ මගින් අපට පමණක් නොව මුළු ලෝකයම මේ යන ආකාරය වැරදි බව සහ මේ යන ආකාරයට යා නොහැකි බව නිගමනය කරන ලදී. පෘථිවි පද්ධතිය අප විසින් විනාශ කරමින් සිටින බවත් මොවුන්ගේ පළමු වාර්තාවේදී 1986 පමණ පෘථිවියට දැමිය හැකි මනුෂ්‍ය සීමාව අපි ජරදි කරන බව දක්වයි. වර්ධනයට සීමා පවතින බවත් වර්ධනය යනුවෙන් අදහස් කරනුයේ ද්‍රව්‍යමය සහ භෞතිකමය යන අදහස බවත් ඔවුන් ප්‍රකාශ කළහ. නමුත් එහි යටින් කියැවෙන සහ මම තර්ක කරන අදහස වන්නේ සංවර්ධනයට සීමා නොමැති බවය. මෙහිදී මනුෂ්‍ය සංවර්ධනය සහ වර්ධනය යන දිවිත්වය පටලාගෙන තිබේ. මොවුන් 20 වන සියවසේ ඥාණ භාවිතයෙන් කැඩී ඇති අතර නූතන විද්‍යාවේ මූලික සුසමාදර්ශී පදනමින් බිදී සිටී. ලෝකය එක මිටකට හසු කර ගැනීමට නූතන විද්‍යාවට නොහැකි අතර එයට සිදුවෙනවා ලෝකය කෑලි වලට කැඩීමට. ඒ කෑලි තමයි අපි පුංචි කාලෙ ඉදන් විෂයන් විදිහට ඉගෙන ගන්නේ. මේ කෑලි වල විශේෂඥයන් සිටින අතර අරගලය ඇතුලෙත් එහෙම කෑලි ඇතුලෙ ඉදල විවිධ අදහස් ප්‍රකාශ කරනවා. මීඩෝස්ගේ අදහස වන්නේ අපි සිටින්නේ සංකීර්ණ සමාජ පද්ධතියක බවත් එම පද්ධතිය ලෝකයේ ස්වභාවික පද්ධතීන් අනෙක් පද්ධතීන් සමග සම්බන්ධ බව සහ ලෝකයත් සමග ද සම්බන්ධ බවයි. එය චලනය වෙමින් ගමන් කරමින් පවතියි. ඉතින් පද්ධතියක් මාරු කිරීම පිළිබදවයි අද අපි සාකච්ඡා කරන්නේ. මෙය සමාජ පද්ධතියේ පෙරළිය පිළිබදව සාකච්ඡා කරයි. මීඩෝස් සොයා ගත් දෙයක් වන්නේ සමාජ පද්ධතියක් මාරු වන්නේ සාමුහික විඥානය මගින් බවයි. එනම් සමාජයක් ලෙස අපේ මූලික දැනුම් මොනවාද ලෝකෙට සම්බන්ධ වන මත සහ ඒ ආශ්‍රිතව ගොඩනැගෙන අපේ ආකල්ප මොනවාද? මෙන්න මේ පද්ධතිය තමයි අපි විඥාණය කියන්නේ. සමාජ විඥාණය යනු සංකීර්ණ සමුච්ඡයකි.

මීඩෝස් යෝජනා කරන්නේ පද්ධතියක් මාරු වීමේදී අවස්ථා 2 ක් පවතින බවයි. පළමුවැන්න වන්නේ ජනතාව විශාල වශයෙන් ඒකරාශී වී සිටින තත්ත්වයක් එනම් අරගලයක් හෝ වෙනත් ආකාරයකට විය හැකිය. එලෙස ඒකරාශී වී පවතින තත්ත්වයක්, ක්‍රමයක්, ආණ්ඩුවක් පෙරළීමට ක්‍රියාත්මක වීම. මෙම පෙරළන මොහොතේදී චමිය ැෛැජඑ එකක් ක්‍රියාත්මක වන බව පවසයි. මිනිස්සු ගොඩක් එකතු වී තල්ලු කිරීමක් සිදු කරයි. එවිට එය පෙරළේ. මෙයින් පසුව සාර්ථකව මෙයින් අලුත් තැනකට උඩ තැනකට යාමට නම් එයත් සමගම ඡමකක ැෛැජඑ එකක් අවශ්‍ය බව. එනම් ඒකරාශී වූ ජනතාව තුළ තිබිය යුතුයි අනාගතය සම්බන්ධයෙන් ආකර්ශණය වූ යම් පොදු ස්ථානයක් පැවතිය යුතුයි. එය තව දුරටත් විස්තර කිරීමට සාමුහික පරිකල්පනය අවශ්‍ය වේ. අරගලය තුල අපි කිව්වා ක්‍රම වෙනසක් අවශ්‍යයි කියලා. මීඩෝස් සහ වෙනත් අය පසුව පෙන්වා දී තිබෙනවා විචිත්‍ර ලෙස පරිකල්පනය කරගන්න පුලුවන් දේවල් මොනවද යන්න. රටක සාමූහික පරිකල්පනය තමයි අනාගතය නිර්මාණය කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොවෙයි. 

අපේ පරිකල්පනය යා යුතු තව පැති තියෙනවා. එනම් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයට අපි සියලු දෙනාට සහභාගී වෙන්න පුළුවන්ද. ඒක කොහොමද මෙහෙය වෙන්නේ පාලනය වෙන්නේ අපේ සහභාගිත්වය ඇතුවද කියන එක සම්බන්ධයෙන් සලකා බැලිය යුතුයි. මහජනයා සහභාගී වෙනවද රටේ ආර්ථික තීරණ ගැනීම සම්බන්ධයෙන්. සරලවම කිව්වොත් ඔව්. නැත්නම් ආර්ථිකය මෙහෙයවන්නේ කවුද ආර්ථික බලය තියෙන්නෙ කාටද යන්න බැලිය යුතුයි. අපේ නිෂ්පාදන ලෝකය තුළ නිෂ්පාදනය කිරීමට සහ ඒවා බෙදා හැරීමට ඇති තත්ත්වයන් මෙහෙයවීමට ඇති බලය මොන ආකාරයද මහජනයාට ඒවාට කොච්චර බලයක් තියෙනවද. ඒකත් අර පරිකල්පනයේ ප්‍රශ්නයක්. අපි අනාගතයේ පරිකල්පනය කරද්දි අපි සහභාගි වන ආකාර ගැන ද අපිට පරිකල්පනයක් තියෙන්න ඕන.

උදාහරණයක් ලෙස රජයේ චර්යාව අවුල් කියලා අපි කියනවා නමුත් රජය කියන්නේ මොකක්ද මිලියන 1.5 ක් විතර මිනිස්සු මේ රටේ. ඒගොල්ලන්ගේ චර්යාවත් අවුල්. ඒගොල්ලෝ තමයි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්නේ, නීතිය අර්ථකථනය කරන්නෙ,් ආයතන සංග්‍රහය ක්‍රියාත්මක කරන්නේ ඔවුන් තමයි හොදට හෝ නරකට වැඩ කරන්නේ. මිලියන 1.5 ක ජනතාව අවුල් නම් රජය අවුල්. මහජන කවුන්සිලය වැනි ආයතන අපට රට පුරා පිහිටුවා ගන්න පුලුවන් නම් හොදයි එතන තමයි ඔය වැඩේ සිද්ධ වෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය කියල අපි දිගටම කතා කළේ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය. දේශපාලන බලය යනු තීරණ ගැනීමට තීරණ ක්‍රියාත්මක කිරීමට අප සතු ශක්තියයි. ඒක තමයි අපි ගිවිසුමක් යටතේ අපේ නියෝජිතයින්ට පවරන්නේ. මෙතනත් ඒ සංකල්පය මතුවුණා ඒක දැන් යල් පැන්නා. අරගලය තුළිනුත් අපි අලුත් පාලකයෝ බලාපොරොත්තු වුණා. මේක තමයි 1789 ට පෙර තිබ්බ මහජන විඥාණයේ ආණ්ඩුකරණය පිළිබඳ සංකල්පය. පාලකයා ඉන්නවනම් පාලිතයො ඉන්න ඕනේ. එතකොට හොඳ පාලකයෝ ඉන්නවනම් හොඳ පාලිතයො ඉන්න ඕන. එයා ගෙදර ගිහින් තියෙන්න ඕන අවුරුදු සිය ගානකට කලින්. පාලකයෝ පාලිතයෝ මේ රටේ ඉන්න විදිහක් නෑ. ඉන්න ඕන ජනතාවයි ඒ ගොල්ලන්ගෙ නියෝජිතයොයි. එපමණයි. අපේ දේශපාලන පරිකල්පනය තාමත් ප්‍රාථමික මට්ටමේ තියෙන්නෙ. අපේ පරිකල්පනය යා යුතු තව පැති තියෙනවා. එනම් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයට අපි සියලු දෙනාට සහභාගී වෙන්න පුළුවන්ද. ඒක කොහොමද මෙහෙය වෙන්නේ පාලනය වෙන්නේ අපේ සහභාගිත්වය ඇතුවද කියන එක සම්බන්ධයෙන් සලකා බැලිය යුතුයි. මහජනයා සහභාගී වෙනවද රටේ ආර්ථික තීරණ ගැනීම සම්බන්ධයෙන්. සරලවම කිව්වොත් ඔව්. නැත්නම් ආර්ථිකය මෙහෙයවන්නේ කවුද ආර්ථික බලය තියෙන්නෙ කාටද යන්න බැලිය යුතුයි. අපේ නිෂ්පාදන ලෝකය තුළ නිෂ්පාදනය කිරීමට සහ ඒවා බෙදා හැරීමට ඇති තත්ත්වයන් මෙහෙයවීමට ඇති බලය මොන ආකාරයද මහජනයාට ඒවාට කොච්චර බලයක් තියෙනවද. ඒකත් අර පරිකල්පනයේ ප්‍රශ්නයක්. අපි අනාගතයේ පරිකල්පනය කරද්දි අපි සහභාගි වන ආකාර ගැන අපිට පරිකල්පනයක් තියෙන්න ඕන. තව බල යන්ත්‍රණ දෙකක් තියෙනවා. එකක් මිලිටරි බලය. එනම් සංවිධිතව තාක්ෂණය භාවිත කොට මිනිසුන් මැරීමට ඇති බලය. ලෝකයේ රටවල් විසි හතක් තිබෙනවා මිලිටරි බලය නොමැති. එයින් දහ නමයක් පමණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින්. ඔවුන්ගේ පරිකල්පනය තිබුණේ ඔවුන් මිලිටරිකරණය එපා කියලා හිතනකොට රටක් විදිහට ජනතාවක් විදියට ඔවුන් ඒ logic එක අයින් කළා. මිලිටරීකරණය තිබිය යුතු හේතු ඔවුන් අයින් කරගත්තා. අපි මිලිටරිකරණය ඕනේ කියනකොට ඒ ලොජික් එක අපි පරිකල්පනය කරලා ඉවරයි. අපි හිතනවා මිලිටරීකරණය තියෙන්න නම් තියෙන්න ඕනෙ මෙන්න මේ හේතු නිසා කියලා. අපි අතර තියෙන භේද ඔක්කෝම පිලි අරගෙන තියෙනවා ඒවට අනුගත වෙලා ඉන්නවා. ඒකත් එක්ක තමයි අපි මිලිටරීකරණය ඕන කියල හිතන්නේ. මේ අරගල භූමියේ ඔබ වැනි මං වැනි අප වැනි අයට අවසානයේ ඉතාම වැදගත්ම බලය තමයි සංස්කෘතික බලය. එනම් මනුෂ්‍ය විඥාණයට බලපෑම් කිරීමට ඇති ශක්‍යතාවය. සාමූහික විඥාණයට සමාජ විඥාණයට එය සකස් කිරීමට කාටද බලය තිබෙන්නේ. සමාජයක ක්ෂේත්‍ර නොහොත් ආයතන හතරයි තියෙන්නෙ. ඍජු බලය – අධ්‍යාපනය, කලාව, ආගම් සහ මාධ්‍ය මේ ක්ෂේත්‍ර හතරම ලංකාවේ අවුල් සහගතයි ගැටලු සහගතයි. මේවා තියෙන්නේ මහජනයා සඳහා ද යන ප්‍රශ්නය අපි අහන්න ඕන. අධ්‍යාපනය පුරවැසියෝ හදනවද මනුෂ්‍යයෝ හදනවද. කලාවට පුළුවන්ද ශක්තියක් තියෙනවද අපේ මනුෂ්‍යත්වය පුබුදුවන්න. කලාවේ සමාජ කාර්යභාරයන් රාශියක් තියෙනවා එකක් නෙමෙයි. ඉතාම වැදගත්ම දේ තමයි අපේ මනුෂ්‍ය හැඟීම් සංකීර්ණය දියුණු කිරීම. මනුෂ්‍යයෝ විදිහට අපේ සහානුකම්පනය කරුණාව තීරණය කරන්න පුළුවන් වෙන්නෙ කලාවට. ආගම ගත් කල සමාරම්භක වශයෙන් ආගම් වල පැවැති මුල් අදහස් වල පැවැතියේ ඉතාම වැදගත් ආචාර ධර්මික වශයෙන් අනෙකා සමඟ ලෝකය සමග මෛත්‍රී කරුණාවෙන් යහපත්ව ජීවත් වන මනුෂ්‍යයෙක් හැදීමේ පරමාර්ථය තමයි තිබුණේ. අද වන විට ආගම් ඉතාම නරක ව්‍යුහයන් නඩත්තු කරන දේවල් බවට පත්වෙලා තියෙනවා. ඉහල කුලවල බලය, ඉහළ පන්තියේ බලය භාවිතා කරමින් ඒ වෙනුවෙන් වැඩ කරන ආයතන බවට පත්වෙලා තියෙනවා. අවසාන වශයෙන් මාධ්‍ය ගත් කළ මහජන කේන්ද්‍රීය අපේ සල්ලි වලින් දුවන අපිට සේවය කරන මාධ්‍ය ආයතන නැහැ කියලා කියන්න පුළුවන්.

ප්‍රතිසංස්කරණ වැඩසටහනකට යනවා නම් අරගලය තුළ මේ ක්ෂ්‍රේත්‍ර 4ම ප්‍රතිසංස්කරණය විය යුතුයි. ආණ්ඩුව විකල්ප ප්‍රතිපත්ති ගොඩනැගිය යුතුයි. බොහෝ රටවල්වල විකල්ප අධ්‍යාපන අවස්ථා ගොඩනගල තියෙනවා. හොඳම උදාහරණයක් කියන්නම්. මේ අරගලයට ඉතාම සම්බන්ධ නිසා ස්කැන්ඩේවියානු රටවල අවුරුදු දෙසීයකට කලින් තිබ්බ ඉතාම නරක තත්ත්වයක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ නෙමෙයි තිබ්බේ. ඩෙන්මාකයේ folk high school නමින් පුංචි ආයතනයක් ගම්බද ප්‍රදේශයක ඇති කරනවා. එය නිරන්තරයෙන් ඉගෙන ගන්න ස්ථානයක් බවට පත්වෙනවා සහ පුරවැසියන් බිහිවන මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. එය එක්තරා ආකාරයක හදපු Non formal, In formal system එකක් වෙනවා මහජනයාම එකතුවෙලා හදපු. ඉන් පසු ඒවායෙහි ආභාෂයෙන් තීරණ ගන්නා ආයතන බවට පත්වෙනවා. ඉන් පසුව මහජනයා ඒවායෙහි ආභාෂයෙන් ප්‍රජා මට්ටමෙන් තමන්ගේ තීරණ ගැනීමට යොමු වෙනවා. ඒ ආකාරයට ඒ පුරවැසියෝ ඒ රටවල බිහිවෙනවා. අපේ අරගලේ සීමා දිහා බලද්දී අපිට පේන්නෙ අපේ රටේ ඒ වගේ ආයතන වල විශාල හිඟයක් තියෙනවා. මේ අපේ අරගලය ඇතුලේ විශාල විවිධත්වයක් විවිධ කණ්ඩායම් තිබෙන අතරේ එවැනි විවිධත්වයක් ඉදිරියට ගෙන යන්න සාමූහික සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් අවශ්‍යයි. විවිධත්වයක් පැවැතියත් පාක්ෂිකත්වය මත තමන්ගේ කෑල්ල අල්ලගෙන සිටියා මිසක් පොදු දේට පැමිණීමේ ගැටළුවක් තිබුණා ඒක තමයි පුරවැසියන්ගේ ප්‍රශ්නය.

මෙහිදී විශේෂයෙන් උතුරේ සහ මලයාහ ජනතාවගේ ප්‍රශ්න ලොකු අභියෝගාත්මක ප්‍රශ්න ලෙස පෙනී යනවා. මෙහිදී මීඩෝස් අනුව කිව්වොත් අපේ පරිකල්පනය විචිත්‍රව දියුණු විය යුතුයි. ආර්ථික වශයෙන් අපේ අනාගතය කොයි වගේ වෙන්න ඕනෙද කියලා අදහසක් තියෙන්න ඕන. දේශපාලන වශයෙන් අපි වැඩ කරන්නේ සහභාගී වෙන්නෙ කොහොමද කියලා අනාගත ලෝකය ගැන අපිට අදහසක් තියෙන්න ඕන විස්තරාත්මකව. සංස්කෘතික සාමාජීය වශයෙන් අපි එකිනෙකා සමඟ ගනුදෙනු කරන්නේ කොහොමද කියලා විස්තරාත්මක අදහසක් තියෙන්න ඕන. විස්තරාත්මක පරිකල්පනයක් තියෙන්න ඕන. නිකන් වචන ගොඩක් නෙමෙයි. ඒ පරිකල්පනය බෙදාගන්න ප්‍රමාණය අනුව ඒක තීරණ ස්කන්ධයකට කිට්ටු වුණොත් එනම් මිනිස්සු කෝටියක් ඉද්දි එක ලක්ෂයක මිනිස්සුන්ගේ ඔලුව සම්පූර්ණයෙන් අර අනාගතයේ ඉතාම විස්තරාත්මක පරිකල්පනය කරන තැනකට ඔවුන් ආවොත් ඒක තීරණ ස්කන්ධයක් බවට පත්වෙනවා. ඒ පරිකල්පනය ගොඩනැගෙන්න එක මධ්‍යස්ථානයකින් කියල හිතන්න එපා. එක මනුස්සයෙක්ගෙන් නෙමෙයි එක නායකයෙක්ගෙන් නෙමෙයි. අන්න ඒ දේ තමයි අරගල ක්‍රියාදාමය. අපේ පරිකල්පනය මාරු කළ යුතුයි. අපේ භාෂාව මාරු කළ යුතුයි. අපේ සංකල්ප මාරු කළ යුතුයි. අපේ එදිනෙදා හීන මාරු කළ යුතුයි. පරිකල්පනය තමයි අපේ අනාගතය ගොඩනගන්නේ හොඳ හෝ නරකට. පරිකල්පනය මාරු කරන්න. එවිට රට මාරු වෙයි.

පහත වීඩියෝ දර්ශනය ඔස්සේ ද ඉහත ”තෙවසරකට පසු අරගලය, බලය, ජනතාව කොයිබටද?” යන වැඩසටහන සදහා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ඉදිරිපත් කළ අදහස් දැක්වීම නැරඹිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *